මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින සම්පත් මනම්පේරිට එරෙහි සහල් ලොරි කොල්ලයේ නඩු තීන්දුව නොවැම්බර් 13 දා…

2009 අගෝස්තු මස 12 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු බියගන්වා සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන නොවැම්බර් 13 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (03) දින නියම කර තිබේ.

සම්පත් මනම්පේරි සහ නෙරංජන් පෙරේරා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව මෙලෙස නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇති අතර, අද දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවල මහතා හමුවේ කැඳවා තිබේ.

නාරහේන්පිට මංසන්ධිය ආසන්නයේදී, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අදාළ ව්‍යාපාරිකයා බියගන්වා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සහල් ලොරියක්, ඔහු සන්තකයේ තිබූ මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම ඇතුළු අධිචෝදනා 7ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් සම්පත් මනම්පේරිව අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය රැසක් කොළඹ සිට කන්ටේනර් දෙකකින් රැගෙනවිත් තලාව ප්‍රදේශයේ මාර්ගය අයිනේ ගබඩා කර, පසුව මිද්දෙණිය, ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තැබීමේ සිද්ධියට අදාළව සම්පත් මනම්පේරි දැනට රක්ෂිත බන්ධාගාරගත කර සිටී.

Author

Leave a Reply

Related Posts