මිලියන අටකට ආසන්න Gen Z හා Millennial පරම්පරාවලට අයත් තරුණ ඡන්දදායකයන්ගේ සහාය දිනා ගැනීමකින් තොරව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව සන්ධාන ගතවීම මැතිවරණ දිනිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ඔහු ඒ බව පවසා ඇත්තේ පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී ඔක්තෝබර් 31 දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අදහස් දක්වමින්ය.
එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ඔවුන් මූලිකත්වය දිය යුත්තේ අනාගත පරපුරට බවත්, ඒ Millennial හා Gen Z පරපුරට බවත්, මිලියන අටක් පමණ වන මෙම පිරිසට පක්ෂ පිළිබඳ අවබෝධයක් නැති බවත්, ඔවුන් දේශපාලනය ගැන තීන්දුවක නැති බවත් හා ඔවුන්ට අවශ්‍ය නව ක්‍රමවේද බවත්ය.
එමෙන්ම අද ලෝකය පුරා Gen Z ලාගේ හා Millennial ලාගේ ස්වභාවය පෙන්වමින් සිටින බවත් ඒ නිසා එම කණ්ඩායම පැත්තකට කර ඉදිරියට යෑමට නොහැකි බවත්, එම කණ්ඩායම එකතු නොවුණහොත් සාම්ප්‍රදායික ඡන්දදායකයින් පවා පැත්තකට විය හැකි බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
