ඩයනා උසාවි එයි – වරෙන්තුව ආපසු කැඳවයි…

(අකිලා නදීෂානි බණ්ඩාර)

හිටපු රාජ්‍ය ඇමැ­තිනි ඩයනා ගමගේ වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය ඉකුත් (22දා) නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය නියෝග කරයි.

විත්තිකාර ඩයනා ගමගේ නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර විමෙන් අනතුරුව මෙලෙස වරෙන්තුව ආපසු කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කලාය.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් සිටි නීතිඥවරයා සඳහන් කරේ විත්තිකාරියට අත්‍යවශ්‍ය ගමනක් යෙදීම හේතුවෙන් අධිකරණයට පැමිණීමට ප්‍රමාද වූ බවයි. එකී හදිසි කරුණ නිසාවෙන් අධිකරණයේ නියමිත වේලාවට පෙනී සිටීමට නොහැකි වූ බවද නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී විනිසුරුවරිය සඳහන් කර සිටියේ විත්ති කූඩුවට නැගි පසු තරාතිරම කුමක් වුවත් සියලුම දෙනා එක හා සමානව සලකන බවත් නීතියද සියලුම දෙනාට එක හා සමාන වන බවත්ය. එමෙන්ම නඩු ගොනුව පරීක්‍ෂා කරන විටදී තමන්ට පෙනී යන්නේ මින් පෙරද විත්තිකාරිය මේආකාරයෙන් අවස්ථා කිහිපයකදී අධිකරණයට ප්‍රමාද වී පැමිණි. ඒ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරිය විත්තිකාරියට තරයේ ආවාද කරනු ලැබුවේ මින් ඉදිරියට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ඉන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝග කර මහාධිකරණ විනිසුරුවරිය නඩුව හෙට (28) පස්වරු 1.30ට යළි කැඳවන ලෙසද නියෝග කළාය.

පසුගිය 22 ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අවස්ථාවේදී ඇයගේ ඇපකරුවන්ටද නොතේසි නිකුත් කරනු ලැබීය. එහිදී ඈය වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස පෙනී සිටින චමින්ද ජයලත් නැමැත්තාද නීතිඥ අසිත විපුලනායක මහතා මගින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ව්‍යාජ උප්පැ­න්න­යක් ඉදි­රි­පත් කර හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීමේ චෝද­නා­වට විත්ති­කා­රි­යට එරෙ­හිව පවරා ඇති නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රි­යට එලෙස වරෙන්තු නියම කෙරිණි.

පෙර අව­ස්ථා­ව­කදී ද නඩු දිනය අම­ත­කවූ බව පවසා අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්වීම පැහැර හැරි විත්ති­කා­රිය වහාම අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නදී අපර්ණා සුව­න්දු­රු­ගොඩ මහ­ත්මිය නියෝග කර තිබිණි.

විත්ති­කා­රි­යට එරෙ­හිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභා­ගය අව­සන්ව ලේඛන නිවැ­රැදි කිරී­මෙන් පසු දේශන සඳහා දින නියම කිරී­මට ඉකුත් (22දා) නඩුව කැඳ­වන ලදි.

ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­යකු නොවන බව දැන දැනම, සිය නම ‘ඩයනා ගමගේ’ යනු­වෙන් නීත්‍ය­නු­කූ­ලව සංශෝ­ධ­නය කර නොමැ­තිව එම නම සඳ­හන් හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීම සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් රැව­ටීමේ අද­හ­සින් අංක 4658 දරන කූට උප්පැන්න ලේඛ­න­යක් පාන­දු­රේදී හෝ කොළ­ඹදී සකස් කිරීම සහ ඊට අනු­බල දීම යන චෝදනා යටතේ මෙම නඩු පවරා ඇත.

2004 ඔක්තෝ­බර් 9 වැනිදා සහ දෙසැ­ම්බර් 1 වැනිදා අතර කාලය තුළදී ව්‍යාජ උප්පැ­න්න­යක් ඉදි­රි­ප­ත්කර ව්‍යාජ හැඳු­නු­ම්ප­තක් සකස් කර විදේශ ගමන් බල­පත්‍ර ලබා ගැනීමේ චෝද­නාව යටතේ ඩයනා සම­න්මලී හෙවත් ඩයනා නටාෂා කැකු­ණ­දුර හෙවත් ඩයනා ගමගේ නමැ­ත්ති­යට එරෙ­හිව මෙම නඩුව පවරා තිබේ.

නීති­ප­ති­ව­රයා විසින් දණ්ඩ නීති සංග්‍ර­හයේ 32, 102, 457 සහ 459 යන වගන්ති යටතේ අධි­චෝ­දනා 3ක් ඉදි­රි­පත් කර­මින් 2024 ජූනි 6 වැනිදා චෝදනා ගොනු­කර ඇත. රජයේ අධි­නී­තිඥ අකිලා දල්ප­දාදු මහ­ත්මිය පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිටි­යාය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading