හම්බන්තොට ලාෆ්ස් ගෑස් පර්යන්තයේ කොටස් විකිණීමට යයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි LAUGFS Gas PLC සමාගමට අනුබද්ධිත LAUGFS Terminals Limited සමාගමේ සම්පුර්ණ කොටස් අයිතිය හෝ ඉන් කොටසක් වෙනත් පාර්ශ්වයකට පැවරීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යොමු කරමින් සඳහන්කර තිබේ.

අදාළ සාකච්ඡා මඟින් වාණිජ සහයෝගීතාවක් ඇති කර ගැනීම, ආයෝජන ලබා ගැනීම සහ LAUGFS Terminals Limited සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් කොටසක් හෝ සම්පූර්ණ කොටස් හිමිකාරිත්වය විකිණීමේ හැකියාව සලකා බලමින් පවතින බව සමාගම පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, යෝජිත ගනුදෙනුවේ ස්වභාවය හෝ කොන්දේසි පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව සමාගම අවධාරණය කර ඇත.

තවද, සාකච්ඡා තවමත් මූලික අදියරේ පවතින බැවින් යෝජිත ක්‍රියාවලියෙන් ඇති විය හැකි මූල්‍යමය බලපෑම මේ අවස්ථාවේදී නිශ්චිතව තක්සේරු කළ නොහැකි බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම LPG පර්යන්තය මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවකින් යුක්ත වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading