බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වී ඇති අර්නබ් සුළු කුණාටු තත්වය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි මෙරට බහුදින ධීවර යාත්රා 25කට ආසන්න සංඛ්යාවකට ඉන්දියානු මුහුදු සීමාවට ඇතුල්වී ආරක්ෂා වීම සඳහා අවසර ලැබී තිබේ.
ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ඉන්දීය රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට ප්රතිචාර දක්වමින් එම අවසර ලබාදීම සිදුකළ බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්ය ඇමතිවරයාගේ මාධ්ය ලේකම්වරයා සඳහන් කරයි.
ශ්රී ලංකාවට අයත් එම බහුදින ධීවර යාත්රා අයහපත් කාලගුණික තත්වය මත ඉන්දියාවට ආසන්න මුහුදු සීමාවේ රැඳී සිටින බව හඳුනා ගැනීමෙන් පසු එම ඉල්ලීම සිදුකළ බවද, කාලගුණ උපදෙස්වලට අනුව බලපෑමට ලක්වූ ප්රදේශවලින් වහාම ඉවත්වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙස එම යාත්රාවලට උපදෙස් ලබාදුන් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
