සණස සංවර්ධන බැංකුව තොරතුරු ලබාදිය යුතු පොදු අධිකාරියක් බව කොමිසම තීන්දු කරලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන නිසා සණස සංවර්ධන බැංකුව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ වන පොදු අධිකාරියක් බවට තීන්දු කර ඇත.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් එසේ තීන්දු කර ඇති අතර ඒ සණස සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවකු වන උදාර රණසිංහ නැමැත්තකු විසින් ඔහු විසින් එම බැංකුවෙන් ලබාගත් ණය මුදලකට අදාළව පොලිය සමාලෝචනය කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලීමක් ගැන වූ අභියාචනයක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙමින්ය.

එම අභියාචනයේදී බැංකුව තර්ක කර ඇත්තේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි එකක් බැවින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සඳහන් පොදු අධිකාරියක් යන අර්ථ නිරූපණයට එම බැංකුව ඇතුළත් නොවන බවයි.

එහිදී බැංකුවේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක් පොදු අධිකාරියක් යන ව්‍යවස්ථාපිත අර්ථ නිරූපණයට ඇතුළත් වන බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීරණය කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading