සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ ඓතිහාසික ජයග්රහණය වෙනුවෙන් ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් පිරිනමා තිබේ.
සිය ‘X’ ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, යළි වරක් ප්රගතිය කරා යන ගමනට නායකත්වය දීමට ඉදිරිපත් වීම පිළිබඳව “සහෝදර ලූලා” වෙත සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමන බවයි.
එමෙන්ම, මෙවර ජයග්රහණය හරහා බ්රසීලියානු ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාදවලට එරෙහිව ප්රබල මතයක් ප්රකාශ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පෙන්වා දී ඇත.
අද, මැතිවරණ ජයග්රහණයක් පමණක් ලබා ගත්තේ නැත; ඔවුහු දූෂණය, බෙදීම් සහ දේශපාලන බොරු මත පදනම් වූ බලවේග පරාජය කළහ.
‘හරි දේට වඩා බලය උසස්’ යැයි විශ්වාස කරන, අතීතයේ අවතාර බඳු වූ සහ දේශපාලනිකව බංකොලොත් වූ පවුල් බලවතුන්ගේ කණ්ඩායම්වලට, ජනතාව තවදුරටත් රවටා ගත නොහැකි බව බ්රසීලයේදී සහෝදර ලූලා ලබා ගත් මෙම ඓතිහාසික ජයග්රහණයෙන් මනාව පෙන්නුම් කෙරේ.
යළි වරක් ප්රගතිය කරා යන ගමනට නායකත්වය දීම වෙනුවෙන් ඔබට උණුසුම් සුබ පැතුම්!

බ්රසීලයේ නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 2026 ඔක්තෝබර් 25 වන දින පැවැති ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් 51.8% ක ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ පරාජය කර ඓතිහාසික ලෙස සිවුවැනි වරටත් බ්රසීලයේ ජනාධිපති ධුරයට තේරී පත් විය.
මෙම ජයග්රහණය බ්රසීල මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්යයක් වන්නේ, පළමු වටයේදී දෙවන ස්ථානයට පත්ව පසුව දෙවන වටයේදී ප්රතිඵලය වෙනස් කර ජයග්රහණය කළ පළමු අවස්ථාව මෙය වන බැවිනි. මීට පෙර, ඔහු 2022 ඔක්තෝබර් 30 දින පැවැති තියුණු ජනාධිපතිවරණයේදී ඡන්ද 60,345,999 ක් හෙවත් 50.9% ක ප්රතිශතයක් ලබා ගනිමින් ජායිර් බොල්සොනාරෝ පරදවා සිය තෙවන ධුර කාලය ජයග්රහණය කළේය. ඊටත් පෙර, බ්රසීලයේ අතිශය ජනප්රිය නායකයෙකු වූ ලූලා, 2002 වසරේ ඔක්තෝබර් 27 වැනිදා පැවැති දෙවන වටයේ මැතිවරණයෙන් 61.3% ක දැවැන්ත ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් සිය ප්රථම ජනාධිපතිවරණ ජයග්රහණය සනිටුහන් කළ අතර, 2006 ඔක්තෝබර් 29 වැනිදා පැවැති මැතිවරණයෙන් 60.8% ක ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් දෙවන වරටත් එරට ජනාධිපතිවරණය ජයග්රහණය කළේය.
