කථානායකට එරෙහි විශ්වාශභංගයට මොකද වෙන්නේ ?

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් බාරදී ඇති විශ්වාශභංග යෝජනාව තුළ අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ කරුණු ඇති හෙයින් එය සංශෝධනය කර ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂය විපක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති අතර විපක්ෂය එයට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වේ.

එම විශ්වාශභංග යෝජනාවේ අධිකරණ නඩුවලට අදාළ කරුණු ඇතුළත් නොවන බැවින් සංශෝධිත විශ්වාශභංග යෝජනාවක් ඉදිරිපත් නොකරන බව විපක්ෂයේ මතය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර එය කථානායකවරයා විසින් න්‍යාය පුස්තකයෙන් ඉවත්කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවයක් නැතැයිද වාර්තාවේ. එම විශ්වාශභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයෙන් ඉවත්කර ඇද්දැයි අපකළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණධීර පැවසුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති යෝජනාවක් ඉන් ඉවත්කළ හැක්කේ එය ඇතුළත් කළ පාර්ශවයටම බවත්, එවැන්නක් ඇය දැනුවත්ව නැති බවයි.

මෙම විශ්වාශභංග යෝජනාව පිළිබඳව මුල් අවස්ථාවේදී එක්දිනක විවාදයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය කැමැත්ත පළකර තිබී ඇති අතර ඒ සඳහා දින දෙකක කාලයක් අවශ්‍ය බව විපක්ෂය පෙන්වාදීමෙන් පසු එහි අධිකරණය හමුවේ විභාග වන නඩුවලට අදාළ කරුණු ඇති බැවින් නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බවට දන්වා තිබේ.

එහෙත් දැන ගන්නට ලැබෙන්නේ කථානායකවරයාට එරෙහි විශ්වාශභංග යෝජනාව නීතිපතිවරයාගේ මතය විමසීම සඳහාද මෙතෙක් යොමුකර නැති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading