2022 වගේ ආර්ථික කඩාවැටීමක් යළි ඇතිවීමේ අවදානම අඩුයි – චම්පික

රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් කඩා වැටී 2022 හා සමාන තත්ත්වයක් ඇතිවනු ඇතැයි විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පැවසුවද ආණ්ඩුව කකුලට වෙඩි තබා නොගතහොත් එවැන්නක් සිදුවීමට ඇති ඉඩ ඉතා සීමිත බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඩොලර් බිලියන 06 ක මුදලක් ණය ලෙස ගෙවීමට තිබියදී 2022 දී මහබැකුවේ ඉතිරිව තිබුණේ ඩොලර් මිලියන 25 ක් පමණක් බවත් 2028 දී එවැනි තත්ත්වක් ඇති නොවුණද ගෙවීමට නොහැකි ණය හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බවත් ඒ මහතා කීය.

විසි දෙකෙන් ඔබ්බට – රටේ ආර්ථිකයකට ඇති විසඳුම කුමක්ද මැයෙන් මහනුවර කැප්පෙටිපොල ශාලවේදී 23 දා පැවැති ජනහමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් චම්පික රණවක මහතා මෙසේද පැවසුවේය. රටේ ස්ථාවර පාලනයක් තියෙනවා, රටේ ආර්ථිකය ස්ථායිකරණය වලා කියලත් පිරිසක් කියනවා. ඒ අදහසත් මම පිළිගන්නේ නැහැ. රට 2022 දී බංකොලොත් වුණා. ප්‍රධාන හේතුව විදේශීය ණය ගෙවා ගැනීම නොහැකි වීමයි. ඒ අවස්ථාවේ අපිට රුපියල් වලින් වගේම ඩොලර් වලිනුත් ණය තිබුණා. ආණ්ඩුව ඩොලර් බිලියන 37 ක් ණය වෙලා තිබුණා. රාජ්‍ය ආයතන වල එකතුවත් එක්ක ගත්තම ඒ්ක බිලියන 41 ක්. පුද්ගලික අංශයේ ණයත් ඒකට එකතු වුණාම ඩොලර් බිලියන 55 ක් බවට පත් වුණා. කෙටිකාලීන අධික පොලියට ගත්ත ණය තමයි මෙතන තිබ්බ අසීරුතම එක.

රටේ ආර්ථික වර්ධනය 3 – 4 % ක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ලංකාවේ ආණ්ඩුවක් තිබුණත් නැතත් ඔය ආර්ථික වර්ධනය ඇතිකර ගන්න පුළුවන්. අපි 7- 8 % ක ආර්ථික වර්ධනයක් ගත්තා නම් අන්න ඒක ආණ්ඩුව මැදිහත් වෙලා කරපු නිර්මාණශීලී වැඩක් කියලා පිළිගන්න පුළුවන්. මේ වනවිට රටේ අධිවේගි මාර්ග කිලෝ මීටර් 700 ක් තිබෙනවා. තවත් 700 ක් ඇති කරන්න රජය වැඩ කරගෙන යනවා. ඒවායින් අපේ රටේ ආර්ථිකයට වැය බරක් මිස ප්‍රයෝජලයක් ලැබෙන්නේ නැහැ. අධිවේගි මාර්ගයකට වැය කරන්න සෑම රුපියල් 100 කින්ම රුපියල් 60 ක් යන්නේ ඩොලර් විදිහටය්. මේ විදිහට ආණ්ඩුවේ වියදම් ඩොලර් වලින් වැඩිකර ගැනීම රටේ ආර්ථිකයට විශාල බරක්. පළමුව අපි ඩොලර් හොයන මගකට කෙටිකාලීනව යොමුවිය යුතුයි.

බලශක්ති සුරක්ෂිතතාවය ඇතිකර ගැනීම වැදගත්. ගල් අඟුරු බලාගාරය බිඳ වැටුණු දිනට පසුදින ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 76% ක් ආවේ ජලයෙන් හා සූර්ය බලයෙන්. ඒක මෑත ඉතිහාසයේ අපි ලබාගත් ජයග්‍රහණයක්. අවාසනාවකට ආණ්ඩුව කප්පාදු කරමින් ඉන්නෙත් කුඩා ජල විදුලිය හා සූර්ය බලයයි. බලශක්ති සුරක්ෂිතතාව අත්පත් කර ගැනීමට නම් තෙල් මත යැපීම වගේම ගල් අඟුරු මත යැපීම අපි නතර කරගත යුතුයි. ගල් අගුරු බලාගාරය තව වසර 10 කින් වැසී යාමට නියමිතයි. ඒ නිසා අපිට දැන් ඉතා ඉක්මනින් විකල්පයක් ගොඩනගා ගත යුතුයි. ඒකට විකල්පය සූර්ය බලලයි. ආණ්ඩුව එතනදී ගමන් කරමින් තිබෙන්නේ ඊට විරුද්ධ දිශාවටයි.

අපේ රටේ අවුරුදු 10 – 24 යි අතර ජනගහනය මිලියන පහක්. මේ මිලියන පහ ඉදිරි වසර 10 දී රැකියා වෙළෙඳ පොලට එනවා. අවුරුද්දකට ලක්ෂ 05 ක් රැකියා සපයන්න ඔ්න. නමුත් රැකියා ලබා දීමට තිබෙන එකම මග විදිහට පේන්න තිබෙන්නේ විදේශ රැකියායි . රට ඇතුළේ රැකියා උත්පාදනයක් නැහැ. රැකියා විරහිත පිරිසෙන් යම්කිසි ආකාරයක පීඩනයක් සමාජයට ඒමට නියමිතයි. මේ අවුරුදු 10 ගෙවුනට පස්සේ මේක ලොකුවට එන්නේ නැහැ. මොකද උපත් පාලනය නිසා දැන් අවුරුදු 10 ට අඩු පිරිස ලක්ෂ 07 කට ආසන්නයි.

කුසලතා පූර්ණ රටේ දක්ෂතම පිරිස නෙවෙයි රාජ්‍ය සේවයට එන්නේ. ඒක වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන්. පරිපාලන සේවයට යන්නේ කලා පීඨ වලට ඇතුළු වන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ අය අතරත් දක්ෂ අය ඉන්නවා. නමුත් තරඟකාරී විභාගයක් හරහා දක්ෂම පිරිස ඉන්න ඔ්න වෛද්‍යවරයෙකු වරලත් ඉංජිනේරුවන් විදිහට හෝ නීතිවේදීන් ලෙස නෙවෙයි. දක්ෂතම පිරිස ඉන්න ඔ්න රාජ්‍ය පරිපාලනයේයි. ඒත් ලංකාවේ ඒක නැහැ. හැත්තෑව දසකයට පෙර ඒක තිබුණා. ඇන්.එම් පෙරේරා හා ෆීල්ක්ස් ඩයස් වැනි අය එකතු වී එය සම්පූර්ණයෙන්ම නැති කළා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ තත්ත්වයත් ඒකයි. රටේ සිටි කීර්තිමත්ම දක්ෂතම පිරිස තමයි එදා රාජ්‍ය පරිපාලනයේ හිටියේ.දැන් රාජ්‍ය සේවයේ ඒ තත්ත්වය නැහැ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading