සජබයට බලය හිමිව තිබූ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව අත්හිටුවයි! බලතල සියල්ල සහකාර කොමසාරිස් අතට!

පාතහේවාහැට ප්‍රාදේශීය සභාව අත්හිටුවා එහි බලතල ක්‍රියාත්මක කිරීම මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් යටතට පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පෙර්දා (19) නිකුත් කර තිබෙන අතර එමගින් සභාවේ සහ සභාපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්යය ඉටු කිරීම මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ.ඩබ්ලිව්. ජී.එල් අත්තනායක මහත්මිය යටතට පවරා ඇත.

සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබදධ විපක්ෂයට බලය හිමිව තිබූ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් පසුගිය කාලය තුළ ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ අත්වන කිසිදු ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගෙන විමර්ශනයක් සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා විසින් විශ්‍රාමලත් අධිකරණ නිලධාරි නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත් කරනු ලැබීය.

එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් මස 22 වැනි නිකුත් විය. සභාව අත්හිටුවා සහකාර කොමසාරිස් පාලනය යටතට පත් කිරීම ආණ්ඩුකාරවරයා සිදුකර ඇත්තේ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව ලැබී තිබෙන බලතල අනුවය.

පසුගිය පළාත් පාලන ඡන්දයේදී පාතහේවාට ප්‍රාදේශීය සභාවේ සභික ධුර 43 න් ඒකාබද්ධ විපක්ෂයට සභික ධුර 25 ක්ද ජාතික ජනබලවේගයට සභික ධුර 18 ක් ද ලැබී තිබිණි.

සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් එකතුවී සභාවේ බලය පිහිටුවනු ලැබූ අතර සභාපති ධුරයට පත්වූයේ සමගි ජනබලවේගයේ මහතාය.

අල්ලස් චෝදනාවකට ලක්ව සිටි ඔහු සභාපති ධුරයෙන් ක්‍රිෂාන්ත රාජනායක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු විය. වැඩ බැලීම සඳහා උප සභාපතිවරයා තාවකාලිකව පත් කරනු ලැබීය.

සභාව සඳහා නව සභාපතිවරයෙකු පත්කර ගැනීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය අවස්ථා තුනකදී සභාව කැඳවූ නමුත් ගණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් අවස්ථා තුනේදීම සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි විය.

කොමසාරිස්වරිය පනවන නියෝග හා උපදෙස් නොපිළිපැදීම, අකීකරු වීම හා නොසැලකිලිමත් වීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ආණ්ඩුකාරවරයාට කරුණු වාර්තා කර තිබිණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading