අන්තර්ජාල ව්යාපාර මඟින් මුදල් ඉපයිය හැකි බව පවසා රුපියල් 12,691,033/- (එක්කෝටි විසිහය දක්ෂ අනු එක්දහස් තිස් තූනක් ) මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක නවගත්තේගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවා වංචා කරන ලද මුදලින් රුපියල් 500,000ක මුදලක් තම බැංකු ගිණුම වෙත බැරකරවා ගෙන ඇති බවයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මගින් සිදු කරනු ලබන බව පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
