නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්

ක්‍රිෂ් ගණුදෙනුවට අදාළ රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන එළඹෙන ඔක්තෝබර් 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකාර ජානකී සිරිවර්ධන වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇති අතර, නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීමට අදාළ නියෝගය මෙතෙක් සූදානම් කර නොමැති බැවින් එය ඊළඟ නඩු දිනය වන ඔක්තෝබර් 23 වනදා ප්‍රකාශයට පත් කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading