කාවන්තිස්ස මියයයි!

මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්‍රකට කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙනවා.

අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවුණා.

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර තිබුණා.

පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්‍ය කණ්ඩායම් පැවසුවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading