ශිරන්තිට ඇප, විදෙස් ගමන් තහනම්

අධිකරණයට ඉදිරිපත් කළ සුවිශේෂී කරුණු හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඇප නියම කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 100ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත ඇප නියම කර ඇති මහේස්ත්‍රාත්වරයා ඇයට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් විසින් ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට කර ඇති නිර්දේශය සලකා බලා එය සුවිශේෂ කරුණක් බව තීරණය කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධාන කිරීටක ධමනියේ සියයට 80ක අවහිරතාවයක් පවතින බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading