කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෝෂන් පත්රයක් මඟින් කරුණු දැක්වීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා අද (16) රාත්රියේ බුද්ධශාසන අමාත්යාංශ පරිශ්රය අසල රැඳී සිටීමට තීරණය කර තිබෙනවා.
තමන් මුහුණ දුන් අසාධාරණය සහ අවනඩුව ප්රකාශ කිරීම සඳහා කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත පා ගමනින් වැඩම කළද නීතිඥවරයා මඟින් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ මෝෂන් පත්රය සම්බන්ධයෙන් අද දිනයේ නීතිමය කටයුතු සඳහා අධිකරණයෙන් අවසර හිමි නොවූ බව විරෝධතාවයේ නිරත කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සඳහන් කළා.
අදාළ චීවර පූජාව සිදු කරගැනීම සම්බන්ධයෙන් සෘජු වගකීම පැවරී ඇති රජයේ නිලධාරියා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා බැවින් මෙම ගැටලුව මුල් කරගනිමින් බුද්ධශාසන අමාත්යාංශය වෙත වැඩම කිරීමට තීරණය කළ බව උන්වහන්සේලා පවසනවා.
රාත්රී කාලය එළැඹ ඇති බැවින් වෙනත් වැඩ සිටීමට සුදුසු ස්ථානයක් නොමැති බවත් අද රාත්රීයේදීම බුද්ධශාසන අමාත්යාංශය ඉදිරිපිට පරිශ්රයේ වැඩ වාසය කරන බවත් උන්වහන්සේලා සඳහන් කළා.
එමෙන්ම බුද්ධශාසන අමාත්යාංශය අසලට පැමිණ මහා සංඝරත්නය වෙනුවෙන් සිව්පසයෙන් උපස්ථාන කරන ලෙසත් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය උදෙසා සිවුරු සකස් කර පඬු පොවා සිදු කිරීමට නියමිත චීවර පූජාව සඳහා දායක වන ලෙසත් උන්වහන්සේලා ජනතාවගෙන් ඉල්ලිම් කරන බවද පවසනවා.
