සිරදඬුවම් ලබා බන්ධනාගාරගත වන බෞද්ධ භික්ෂූන් අධිකරණයට රැගෙන ඒමේදී ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව එම භික්ෂුව අයත් සංඝ සභාවෙන් විමසීම සඳහා වන යෝජනාවක් සාකච්ඡාවට ලක්වී තිබේ.
එම යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර සිවිල් ඇඳුමෙන් අධිකරණයට රැගෙන ඒම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුව තුළදී ය.
එම කමිටුවට පැවරී තිබුණ වගකීම වූයේ 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥා පනත යටතේ ඇති රෙගුලාසි සහ නිත්‍ය නියෝග වර්තමාන කාලයට, ආගමික හා සංස්කෘතික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීමය.
ඒ අනුව සිර දඬුවම් ලබා අධිකරණයට රැගෙන ඒමට නියමිත බෞද්ධ භික්ෂූන් අධිකරණයට ගෙන ආ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඒ ඒ භික්ෂුව අයත් සංඝ සභාවෙන් විමසීමට හා සිවුර ගැලවිය යුතු නැද්ද යන්න තීරණය කිරීම සංඝ සභාව විසින් තීරණය කරන නියෝග සෑදීමට නියමිතය.
