විවෘත වරෙන්තු තිබියදී ඥානසාර ඇල්පිටියට ගෙන ගිය බැංකු කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබියදී ඒ බව දැන දැනම ගලගොඩඅත්තේ ඥානසාරට රාජගිරියේ සිට ඇල්පිටිය දක්වා සිය මෝටර් රථයෙන් ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බැංකු නිලධාරියකු ඔක්තෝබර් 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම සැකකරු ඊයේ (ඔක්තෝබර් 06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කිරීමෙන් පසු එම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලබාදී ඇත.

දමිත් අන්ජන වනිගසේකර නැමැති කැලණියේ පදිංචි සැකකරු බැංකු නිලධාරියෙක් වන අතර ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා නඟා ඇත. ඒ රටේ පවතින නීතියට ගරු නොකරමින් අධිකරණ නියෝගවලට අවනත නොවී කටයුතු කිරීම සම්බන්ධයෙනි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading