අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කෙරේ

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ හා එච් එම් ආර් එම් තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (ඔක්තෝබර් 06) පෙරවරුවේ දිවුරුම් දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දී සිදුකර ඇති අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද සහභාගි වී ඇත.

අභියාචනාධිකරණයට පත්කිරීම සඳහා වන එම විනිසුරුවරුන්ගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය දා අනුමත කර තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading