ඉන්දියානු රජය මගින් ජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි අඟුලාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු වාද්දුව ප්‍රදේශයේ සැඟව සිටියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (සැප්තැම්බර් 30) දින අත්‌අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් කිලොග්‍රෑම් 337ක් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යන අතරතුරදී ඉන්දියන් නාවික හමුදාවේ අත්‌අඩංගුවට පත්ව ඉන්දියාවේ කොච්චිකේස් නම් බන්ධානාගාරයේ රඳවා සිටියදී ඉන් පැනවිත් මුහුදු මාර්ගය ඔස්සේ වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණ සැඟව සිටියදී වෙන්නප්පුව පොලිසිය මගින් අත්‌අඩංගුවට ගෙන සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇත.
පසුව මෙම සැකකරු ඇප මත මුදා හැර ඇති අතර ඉහත නඩුකරය සඳහා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන් භාරයෙන් මිදී පැනවිත් වාද්දූව ප්‍රදේශයේ සැඟව සිටියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්‌අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු උදර්පන නීතිය යටතේ ඉන්දියානු රජය වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතූ කිරීමට නියමිත අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
