ඔන්ලයින් ණය ගැන සීඅයිඩී විමර්ශනයක්

සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පළකරමින් ජංගම දුරකතන යෙදවුම් මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාදෙන ක්ෂණික ණය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ක්ෂණික ණය ලබාගත් පුද්ගලයින් ඔවුන් ලබාගත් ණය ගෙවීමේදී ඉහළ පොළී අනුපාතයක් යටතේ ණය වාරික අයකරගනිමින් ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන බවට ලද තොරතුරු මත එම විමර්ශන ආරම්භ කළ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

එම ණය දෙන ආයතන දක්වා ඇති කොන්දේසිවල ණය මුදල් ආපසු අයකර ගන්නා ආකාරය සම්බන්ධව හා යෙදවුම් භාවිතයෙන් ඇතිවිය හැකි සියලු අවදානම් සම්පූර්ණයෙන්ම ණය ගැනුම්කරුවන් විසින් දැරිය යුතු බව පැහැදිලිව සඳහන් කර ඇති බවද, ඒ නිසා ණය ලබාගන්නා පුද්ගලයන් නිසි පරිදි කොන්දේසි කියවීමකින් හා නිවැරදි අවබෝධයකින් තොරව ණය ගැනීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවද එහි අවධාරණය කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading