දිලිත්ගේ ඉල්ලීම නිෂ්ප්‍රභයි

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව ලබාදී ඇති නිගමනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

එම නිෂ්ප්‍රභ කිරීම සිදුකර ඇත්තේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, විනිසුරු චමත් මොරායස් හා විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

එම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කරමින් එම නිෂ්ප්‍රභ කිරීම සිදුකර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading