කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන වෙත එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තමන් වෙත මරණ තර්ජන එල්ල කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ලැබී තිබූ ලිපියක් පිළිබඳව මහේස්ත්රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමට අනුව, පොලිස්පති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊට අදාළව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) කොටුව මහේස්ත්රාත්වරයාගෙන් දීර්ඝ ලෙස ප්රකාශ සටහන් කරගෙන ඇති අතර පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාද දැනුවත් කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියත් සමඟ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතාගේ ආරක්ෂාව වහාම ක්රියාත්මක වන පරිදි තර කිරීමටද පොලිස්පතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
මීට අමතරව, මහේස්ත්රාත්වරයා විසින් තමන්ට එල්ල වූ මරණ තර්ජන පිළිබඳව පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපිය ‘ඊතලය’ නැමැති යූටියුබ් නාලිකාවක පළවීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බව වාර්තා වේ. එම ලිපිය අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන්ද ප්රකාශ සටහන් කරගෙන ඇති අතර, අදාළ තොරතුරු ප්රසිද්ධ කළ යූටියුබ් නාලිකාවේ බලධාරීන්ගෙන්ද ප්රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
