යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව නොවැම්බර් 03 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව පවරා ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබේ.

මෙම නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණයේ පෙනී සිට ඇති අතර
දෙවැනි විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් අද දින අධිකරණයේ පෙනී සිට නැත. ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වැනිදා නැවත කැඳවීමට නියෝග කර තිබේ.

Author