අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 5ක්, 2ක් මහාධිකරණයෙන්

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පස් දෙනෙකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයා අද (සැප්තැම්බර් 22) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් නිර්දේශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ හා මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත.

ඊට අමතරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත පෙරුමාල් සිවකුමාර් මහතා, ආනන්දි කනගරත්නම් මෙනෙවිය හා ඤාණේස ලලිත් කන්නන්ගර මහතා යන අධිකරණ සේවා නිලධාරින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කර ඇත.

එමෙන්ම එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හෙට (සැප්තැම්බර් 23) අභියාචනාධිකරණයට එම විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading