පෞද්ගලික සමාගම්වලට ඉන්ධන මිල තීරණය කිරීමට දෙයි

පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන්ට නිශ්චිත ඉහළ සහ පහළ සීමාවක් තුළ තමන්ගේ ඉන්ධන මිල තීරණය කිරීමට අවසර ලබාදීම සඳහා නීතිමය විකල්ප සලකා බලමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබේ.

වත්මන් මිල සූත්‍රය යටතේ පෞද්ගලික ඉන්ධන සමාගම් කිහිපයක් පාඩු ලබන බැවින් ඩීසල් බෙදාහැරීම සීමා කර ඇති තත්ත්වයක් තුළ මෙම පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනබව ඔහු ප්‍රකාශ කර ඇත.

ලංකා අයි.ඕ.සී. (LIOC), සිනොපෙක් (Sinopec) සහ ආර්.එම්. පාර්ක්ස් (RM Parks) යන පෞද්ගලික ඉන්ධන සමාගම් ඩීසල් බෙදාහැරීම ආසන්න වශයෙන් 50%කින් සීමා කර ඇති බව සඳහන් වේ.

ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සහ ඩීසල් සහනාධාරය ඉවත් කිරීම හේතුවෙන් ඇති වූ මූල්‍ය පීඩනය ඊට හේතුවී ඇති අතර, ඉන්ධන පිරවුම්හල්වල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කඩිනම් මිල සංශෝධනයක් අවශ්‍ය බව අදාළ සමාගම් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර, ආනයනික ඉන්ධන පිරිවැය මත පදනම්ව රජයේ මීළඟ මාසික ඉන්ධන මිල සමාලෝචනය සැප්තැම්බර් මාසය අවසානයේදී සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල යළි ඉහළ ගොස් ඇති බවත්, එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් මිල ඉහළ දැමීමක් පාරිභෝගිකයන්ට දැරිය හැකිද යන්න පිළිබඳව රජය සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading