වරලත් මාධ්‍ය ආයතන කෙටුම්පත අත්හිටුවයි

සැප්තැම්බර් 23 වැනිදා දෙවන වර කියවීම සඳහා හෙවත් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ බව අද (සැප්තැම්බර් 21) නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

පිළිගත් මාධ්‍ය සංවිධාන හා ඒවායේ ප්‍රධානීන් කිහිප දෙනෙකු වෘත්තිකයන්ට අදාළ ආයතනයක් රජයේ නීතියකින් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්වය පිළිබඳ ජනාධිපතිවරයා හා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම පනත සම්මත කිරීම ආණ්ඩුව අත්හිටුවා ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading