අභියාචනාධිකරණයේ වැඩ බලන්න විනිසුරුවරයෙක් පත් කරයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන නලින් රොහාන්ත අබේසූරිය මහතා විදේශ ගත වීමේ කාලය සඳහා එහි වැඩ බලන සභාපති විසුරු ලෙස ජනාධිපතිවරයා විසින් මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත්කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සැප්තැම්බර් 24 දින දක්වා විදේශ ගත වීම හේතුවෙන් මෙම වැඩ බැලීමේ පත් කිරීම සිදුකර ඇති බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම වැඩ බැලීමේ පත්වීම සඳහා මායාදුන්නේ කොරයා විනිසුරුවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (සැප්තැම්බර් 21) පෙරවරුවේ දිව්රුම් දී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading