නාමල් රාජපක්ෂ අධිකරණයට

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යට‍තේ ද නාමල් රාජපක්ෂට එරෙහිව විමර්ශන සිදු කරන අතර ඊට අදාළව ඔහු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර සිටී.

අද දින විභාග වන නඩුව සඳහා නාමල් රාජපක්ෂව බන්ධනාගාරයේ සිට රැගෙන විත් ඇත.

ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගනු ලැබීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading