නීති විරෝධී තැන්පතු ලබාගන්නකු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ණය ගිවිසුම් සහ/හෝ පොරොන්දු නෝට්ටු පත්‍ර නිකුත් කරමින් අංක 19 ඩී, නිල නිවාස, කාර්මික විද්‍යාලය දඹුල්ල යන ලිපිනයේ පදිංචි පේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර (ජා.හැ.අ. 198118102218) යන අය මහජනයාගෙන් තැන්පතු බාරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය ගිවිසුම්/ පොරොන්දු නෝට්ටු නිකුත් කිරීම හරහා හෝ වෙනත් කිසිඳු ආකාරයකින් මහජනයාගේ තැන්පතු භාරගැනීම නොකළ යුතු බවට සහ මෙතෙක් නොගෙවූ සියලුම තැන්පතු වගකීම් ආපසු ගෙවීම සිදු කළ යුතු බවට එම පුද්ගලයාට විධාන කළ බව වැඩිදුරටත් සඳහන් කරයි.

එම පුද්ගලයා විසින් 2019 සිට 2022 කාලය තුළ ඒ ආකාරයට ණය ගිවිසුම් හෝ පොරොන්දු නෝට්ටු මගින් මහජනයාගෙන් තැන්පතු බාරගෙන ඇති බවද, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව එම නිවේදනය සිදුකරන බවද එහි සඳහන්ය.

Author

Related Posts