හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (සැප්තැම්බර් 15) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා.
ඩොනල්ඩ් පෙරේරා මහතා 2002 සිට 2006 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, 2006 සිට 2009 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු පසුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.
මේ අතර, මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක ද මීට පෙර FCIDය වෙත පැමිණ ප්‍රකාශ ලබාදී ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග්-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් 2006 වසරේ සිදුකළ ගනුදෙනුව පිළිබඳව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.
