බම්බලපිටියේ සිට දෙහිවල දක්වා ඇති වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති ඉදිකිරීම් 19ක් සැප්තැම්බර් 10 දින හෙවත් හෙට දිනට පෙර ඉවත් කර ගන්නා ලෙස වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති දැනුම් දීම අනුව හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට අයත් බැරකුඩා අවහන් හල කඩා ඉවතක්කර ගැනීමට සිදුවේද යන ප්‍රශ්නය පැනනැඟී ඇත.
එම ඉදිකිරීම් ඉවත්කර ගන්නා ලෙස ඒවාහි හිමිකරුවන්ට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර එසේ ඉවත්කර ගන්නා ලෙස දැනුම් දී ඇති ගොඩනැඟිලි අතර ඩුබාහි රාජ්‍යයේ අත්අඩංගුවේ සිට මෙරටට එවීමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් අවන්හල් 5ක්ද ඇති බව වාර්තාවේ.
මීට වසර කිහිපයකට පෙර ගොඩනැඟිලි ඉවත් කිරීමට නියමිත ප්‍රදේශයේ ඉදිකර තිබූ සෝල් බීච් නම් අවන්හලේ කොටසක් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන ලද අතර උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු කිහිප දෙනෙකු එම අවන්හලේ හිමිකරුවන් වශයෙන් කටයුතු කරන බව ප්‍රකාශ විය. එහෙත් ශිරාන් බාසික් අත්අඩංගුවට පත්වීමෙන් පසු එම අවන්හලේ අයිතිය ඔහුට හිමි අනාවරණය විය.
එම හෝටලයේ කොටස ඉවත් කරන අවස්ථාවේ එය බැරකුඩා හෝටලය හිමිකරුගේ අවශ්‍යතාවය අනුව ඉවත් කරන බවට චෝදනා කෙරුන අතර බැරකුඩා අවන්හල ඒ අනුව අනවසර ඉදිකිරීමක් බව ප්‍රකාශ විය.
බැරකුඩා අවහන්හලට යාබදව ‘ද ස්ටේෂන්’ යනුවෙන් හඳුන්වන අවහන් හලක්ද ඇති අතර එය හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ වත්මන් බිරිඳට අයත් එකක් බව පැවසේ.
