ආරෝග්‍ය මධ්‍යස්ථාන 1,000ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය ගැන දැනුවත් නැහැ; GMOA

ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 6 වැනිදා ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශ කල රට පුරා ආරෝග්‍ය මධ්‍යස්ථාන 1,000ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තම සංගමය දැනුවත් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත ධම්මික මහතා whatnews අප කල විමසීමක දී පැවසුවේ මෙහි මුලික සංකල්පය 2019 වසරේදී පමණ ඉදිරිපත් වුවක් බවයි.

එම සංකල්පයේ දිගුවක් ලෙස නව රජය මෙම රට පුරා ආරෝග්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමහ එළඹෙන සතියේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි.

වෛද්‍ය නිලධාරීන් සදහා අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීමට නිර්වචන ඉදිරිපත් කිරීමට නලින්ද ජයතිස්ස මහතා පිහිටුවා ඇති කමිටුවේ යෝජනා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වැඩි දුරටත් කරුණු දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading