චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.

පසුගිය පාලන සමයේ අදාළ ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සහ නව ගුවන් යානා එක්කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රංශයේ එයාර් බස් සමාගම සමඟ ඇති කරගත් බව කියන මෙම දැවැන්ත ගනුදෙනුවේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳව දීර්ඝ කාලයක සිට මෙරට මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද විමර්ශන ක්‍රියාත්මක වනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading