ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී රාජ්නාත් සිං ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් හෙට (08) සිට 10 වැනිදා දක්වා දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ගිවිසුම් කිහිපයකට එහිදී ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට නියමිත බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ ඉන්දීය ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.
ඊට අමතරව කොළඹ සිටින ඉන්දීය ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා සමඟ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ හා විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම සංචාරයට එක්වන බවද, මෙම සංචාරය ශක්තිමත් සාගරික සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළු දෙරටට වාසිදායක ක්ෂේත්‍රයන්හි පවතින සාම්ප්‍රදායික ශක්තිමත් හා මිත්‍රශීලි ද්විපාර්ශවික සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇති බවයි.
