අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කළ බවට එල්ල වූ චෝදනාවක් මත මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ, අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවීමෙන් අනතුරුව උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත් පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් අදාළ සිදුවීමට අදාළව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

නැගෙනහිර පළාතේ, විශේෂයෙන් මඩකලපුව සහ ඒ අවට ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම්, පුරාවිද්‍යා ඉඩම් අත්පත් කරගැනීම් සහ සීමා නිර්ණයන් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන සමඟ අම්පිටියේ සුමනරත්න හිමියන් මීට පෙරද අවස්ථා ගණනාවකදී දැඩි විරෝධතාවල නිරත වී තිබුණා.

මීට පෙර අවස්ථාවලදීද ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමඟ ප්‍රසිද්ධියේ උණුසුම් වචන හුවමාරු කරගැනීම් හා රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව පොලිස් පැමිණිලි ගොනු වූ අතර, අධිකරණ නියෝග සහ ඇප කොන්දේසි පැනවීම්ද සිදුවුණා.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading