එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (සැප්තැම්බර් 4) අත්අඩංගුවට ගෙන තිබේ.
පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම විමර්ශනයට පසුබිම් වන්නේ 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා Airbus ගුවන් යානා මිලදී ගැනීම හා බදු ගැනීම සඳහා එළඹි ගනුදෙනුයි. බ්‍රිතාන්‍යයේ Serious Fraud Office විමර්ශනයේදී ශ්‍රී ලංකාවේ ගුවන් යානා ගනුදෙනුවට බලපෑම් කිරීම සඳහා මැදිහත්කාර සමාගමකට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් පොරොන්දු වී තිබූ බවත්, ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් ගෙවා තිබූ බවත් අනාවරණය විය. ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ පිළිබඳ විමර්ශන අයත් වන්නේද මෙම සිදුවීමටයි.
