ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (සැප්තැම්බර් 04) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීමේ සිදුවීමක් සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ඇමතිවරයාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම මගින් රජයට පාඩු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
