ජොන්ස්ටන්ට අමතරව ඩිසයින් පොයින්ට් හිමිකරුත් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඩිසයින් පොයින්ට් පුද්ගලකි සමාගමේ හිමිකරු පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයවද අත්අඩංගුවට ගෙන තිබේ.

නිසි ප්‍රමිතියෙන් යුතු අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් මිලදී නොගෙන ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගමෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීම මගින් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රුපියල් මිලියන 7.9 (රු. 7,973,114.50) ක පාඩුවක් හා බාහිර පාර්ශවයන්ට අයුතු වාසියක් සිදුකර දූෂණය නැමැති වරද සිදුකිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading