වෛද්‍ය නිලධාරීන් සදහා අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් තම සංගමය දැනුවත් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත ධම්මික මහතා whatnews කල විමසීමක දී පැවසුවේ අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කර ඇති කමිටුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කළ අතරමැදි ශ්‍රේණි නිර්වචන ඇතුලත් වී ඇත්ද යන වග ඔවුන් නොදන්නා බවයි.
මෙම විශේෂඥ කමිටුව මගින් අතරමැදි ශ්‍රේණිය නිර්වචනය කිරීම, ඊට ඇතුළත් වන වෛද්‍ය විශේෂඥතා ක්ෂේත්‍ර හදුනා ගැනීම, වෛද්‍ය නිළධාරීන් අදාළ ක්ෂේත්‍රයට තෝරා ගැනීමේ පටිපාටිය, ඔවුන් එහි සේවය කළ යුතු කාල සීමාව, ඔවුනට හිමිවන ප්‍රතිලාභ සහ ස්ථාන මාරු ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කිරීමට නියමිතව ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම කමිටුව පත්කර ඇත.
කමිටුවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පත්කර ඇති අතර, වෛද්‍ය අමිල සුරංග ලේකම්වරයා ලෙසද, වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, වෛද්‍ය සමින්ද සමරකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.එන්.පී ඕපාත සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලීප් ද සිල්වා සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇත.
