22 ගැන පෙත්සම් අගවිනිසුරු‌ගේ සභාපතිත්වයෙන්ම විභාගයට- හෙට කැදවයි- පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා සැප්තැම්බර් 01 දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර ඇත.

ඒ අනුව එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කටයුතු කරයි.

අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන සෙසු විනිසුරුවරු එම මඩුල්ල නියෝජනය කරන සෙසු සාමාජිකයන් වෙති.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් විභාගයට ගන්නා ලෙස හා අගවිනිසුරු හැර අනෙකුත් සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වයන් ඉල්ලීම් කර තිබුණි.

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ දිලිප් නවාස් මෙම විනිසුරු මඩුල්ලට ඇතුළත් නොවීම විශේෂත්වයකි.

Author

Related Posts