ඒකාබද්ධ විපක්ෂය සමඟ සජබ තරහා නෑලු

සමගි ජන බලවේගය ඒකාබද්ධ විපක්ෂය සමඟ සිදුකරන වැඩසටහන්වලින් ඉවත් වීමට කිසිඳු තීරණයක් ගෙන නැති බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.

ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩසටහන්වලට සම්බන්ධ නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලිල කරමිනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අගෝස් 30 වැනිදා ගාල්ලේ පැවැත්වූ සම්මන්ත්‍රණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් කිසිවකු සහභාගි නොවීම මෙම මාධ්‍ය වාර්තාවලට හේතුව වී තිබුණි.

එම සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ එයට සහභාගි වීමට නොලැබුන බව හා ඊට පෙර පැවති ඒකාබද්ධ විපක්ෂයේ සියළු සාකච්ඡාවලට සහභාගි වූ බවය. එමෙන්ම ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ සියළු රැස්වීම්වලට හා සාකච්ඡාවලට සහභාගි වන බවය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading