අද (අගෝස්තු 30) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ග වල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව පෙට්‍රල් මිල ගණන් පහළ දමා ඇති අතර, පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කරමින් එහි නව මිල රුපියල් 475.00ක් ලෙසත්, පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරමින් එහි නව මිල රුපියල් 399.00ක් ලෙසත් සංශෝධනය කර තිබේ. කෙසේ වෙතත්, සෙසු සියලු ඉන්ධන වර්ගවල මිල ගණන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැත.
එම නිවේදනය පහතින්,

