දළදා පෙරහැර අවසානයේ කසළ ටොන් 260ක්

අසේල කුරුළුවංශ

මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කළ දින 10 දී මහමග දමා ගොස් තිබූ පොලිතින් ටොන් 32 ක් ඉවත් කළ බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමානාකරණ ඒකකය පවසයි.

මෙම දින 10 දී නගරයේ එකතුවී තිබෙන සමස්ත කසළ ප්‍රමාණය ටොන් 260 කි. ඒ අතර අලි වසුරු ටොන් 30 ක් අගුරු ටොන් 24 ක් ඉදුල් ටොන් 33 ක් මිශ්‍ර කසල ටොන් 35 ක් තිබී ඇත.

මෙයට අමතරව අලි ඇතුන්ට ආහාර පිණිස ගෙනා කොස්, කිතුල් වැනි ගස් වලින් ඉතිරිවූ ටොන් 105 ක් පමණ ශාඛ කොටස් ඉවත් කළ බවද නගර සභාව පවසයි.

පෙරහරේ මුල් දින 07 දී කසළ ටොන් 155 ක් එකතුවූ බවත් අවසන් දින තුනේදී පමණක් කසළ ටොන් 105 ක් ඉවත් කිරීමට නගර සභා සේවකයින්ට සිදුවූ බවත් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.

සෑම දිනකම පෙරහර නිමාවට පත්වූ විගස නගර සභා සේවකයින් රාත්‍රිය පුරා වැඩ කරමින් නගරය පෙර තිබූ තත්ත්වයට පිරිසිදු කරන බවත් හෙළයේ විචිත්‍රවත් කලා මංගල්ලය සාර්ථක කර ගැනීමට දිවා රෑ වෙහෙසෙමින් නගර සභා සේවකයින් ලබාදුන් දායකත්වය අගය කරන බවත් ඇය කීවාය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading