GMOA ත් 22 ට එරෙහි වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බව අගෝස්තු 30 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බැවින් එයට සිදුකරන ඕනෑම සංශෝධනයක් ඉතාමත් වගකීමෙන්, විනිවිදභාවයෙන් සහ ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව හා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින්, අදාළ සියලු පාර්ශව සමග අර්ථවත් සාකච්ඡාවකින් අනතුරුව එය සිදුකල යුතු බව ඔවුන් මෙම නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී, විශේෂයෙන් අධිකරණය සම්බන්ධයෙන් බලපෑම් ඇති කළ හැකි කරුණු පිළිබඳව කටයුතු කිරීමේදී අපේක්ෂා කළ හැකි මට්ටමේ විනිවිදභාවයක්, පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ එකඟතාවක් ගොඩනැගීම රජය ප්‍රමාණවත් ලෙස තහවුරු කර නොමැති බැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු අනෙකුත් වෘත්තීය සංවිධාන සමඟ එක්ව මෙම සංශෝධනයට එරෙහිව කටයුතු කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවත් එහි සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading