දූෂණ විරෝධි සංශෝධන කෙටුම්පතට එරෙහිව ෆැප්රල් අධිකරණයට

2023 අංක 09 දරන දූෂණ විරෝධි පනත සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බව ෆැප්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත සංශෝධන හා විවාදයට හේතු වී ඇති අනෙකුත් සංශෝධන අභියෝගයට ලක්කරමින් එම පෙත්සම ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

දූෂණ විරෝධි නව කෙටුම්පත මගින් තොරතුරු කරා ප්‍රවේශ වීමට හා එකී තොරතුරු භාවිතා කිරීමට ජනතාවට ඇති අයිතියට සීමා පනවන බව සඳහන් කරමින් අගෝස්තු 24 දින සහිතව ෆැප්රල් සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යැවූ අතර එහි අවධාරණය කර ඇත්තේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට අවකාශ සැලසීම ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධි ගමන් මඟේ හැරවුම් ලක්ෂයක් වූ බවයි. මහජනයාගේ බලය පාවිච්චි කරන තැනැත්තන් මහජනයාගේ නිරීක්ෂණයට විවෘත විය යුතු බව එහි තවදුරටත් අවධාරණය කර තිබේ.

එමෙන්ම නව කෙටුම්පත මගින් මහජනතාවට වත්කම් හා බැරකම් ප්‍රකාශ තොරතුරු වෙත මහජනයාට ප්‍රවේශ වීමට අවසර ලබාදී තිබුණද, එම තොරතුරු නීතිමය කාර්යයකට හැර වෙනත් කාර්යයකට භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවට පත්කර ඇති බවද සඳහන් කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading