ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ ණය දෙන ආයතන 4ක් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශයට පත්කර ඇත.
සී/ස බෙරන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට් කම්පැනි ලිමිටඩ්, ලක්ජය මයික්‍රො ෆයිනෑන්ස් ලිමිටඩ්, සී/ස දුම්බර මයික්‍රො ක්‍රෙඩිට් සමාගම හා සී/ස සෙජය මයික්‍රො කෙඩිට් සමාගම ණය දෙන ආයතන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත.
ඒ ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ 2026 අගෝස්තු 25 දින සහිත අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්ය.
ඒ අනුව එම ණය දෙන ආයතන මගින් ණය ලබා ගන්නා පුද්ගලයින්ගේ හා එම ණය සඳහා ඇපවන පුද්ගලයින්ගේ තොරතුරු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හෙවත් ‘ක්‍රිබ්’ වෙත යොමුවනු ඇත.
