ජනවාරිවල රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙයි

රාජ්‍ය සේවකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේදී යළිත් වැටුප් වර්ධකයක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද පැවති මිලාද්-උන්-නබි ජාතික සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රාජ්‍ය සේවය රටේ ආකර්ෂණීය වෘත්තියක් බවට පත්කිරීමේ අරමුණින් මේ වන විටත් 2025-2026 වැටුප් වර්ධකයක් ලබා දී ඇති බවත් ලබන වසරේ ජනවාරි මාසයේදී යළිත් වැටුප් වර්ධකයක් ලබා දීමට පියවර ගන්නා බවයි..

වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත මහජනතාවට රජය සමඟ සිදුකරන සියලුම වැදගත් ගනුදෙනු නිවසේ සිටම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි පද්ධතියක් මෙරටට හඳුන්වා දීමට උත්සාහ දරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

ජනාධිපතිවරයා පවසන්නේ, මෙය මෙරට රාජ්‍ය සේවයේ ඉතා වැදගත් කඩයිමක් වනු ඇති බවයි.

වැදගත්ම දේ වන්නේ, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා, රටේ ජනතාව තුළ රාජ්‍ය සේවය පිළිබඳව පවතින්නේ හොඳම අදහසක් නොවන බවත් යම් නිලධාරීන් පිළිබඳව හොඳ අදහස් තිබෙන අතරතුරම පොදු මහජනතාව තුළ පවතින්නේ බිඳවැටුණු අදහසක් බව එහිදී සඳහන් කළා.

එබැවින් ජනතාවට වගකියන කාර්යයන් කාර්යක්ෂමව ඉටු කර දෙන නූතන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්ඒ සඳහා අවශ්‍ය වන සැලකිය යුතු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading