සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට පනවා ඇති රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (අගෝස්තු 23) දින ලිපියක් යොමුකර තිබේ.

කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බවත්, චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කර සාක්ෂි ඇත්නම් ඒවා විමර්ශනය කර සත්‍යය සොයාගන්නා ලෙසත් ඇය මෙයින් ඉල්ලීම් කර ඇත.

පරීක්ෂණ සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස තමන් කරුණාවෙන් ඉල්ලා සිටින බව සඳහන් කරන ඇය එමෙන්ම තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් මෙමගින් ඉල්ලීම් කර ඇත.

විමර්ශන සාක්ෂි මත සිදු විය යුතු අතර, රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවිය යුතු බවද ඇය සිය ලිපියේ අවධාරණය කර තිබේ.

වසර ගණනාවක් ශ්‍රී ලංකා යුද හමුදා සේවයෙන් පසු විශාම ගොස් සිටින තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටිනු දැකීම දැඩි වේදනාවක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading