FCID ය නාමල්ගෙන් පැය 6ක් ප්‍රශ්න කරලා

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ( FCID) කළ කැඳවීමකට අනුව නාමල් රාජපක්ෂ අද (21) පෙරවරු 9.00 ට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ. පැය 6කට ආසන්න කාලයක් මෙම ප්‍රශ්න කිරීම් සිදු වී ඇති අතර පස්වරු 3ට පමණ ඔහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගොස් ඇත.

CSN නාලිකාව ඔස්සේ ලබාගත් මුදල් භාවිත කරමින් ‘තංගල්ල බේ හොටෙල්’ (Tangalle Bay Hotel) මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් පවත්වාගෙන යයි. එම පරීක්ෂණයේ එක් පියවරක් ලෙස FCID ය විසින් නාමල් රාජපක්ෂට මෙලෙස කැඳවීම් සිදු කර ඇත.

අද දින සිදුකරන ලද මෙම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු හා කරුණු පදනම් කරගනිමින්, ඉදිරියේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇත.

Author

1 Comment

  • 22ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න NPP ට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒගොල්ලෝන් ගේ හොරකම් වහන්න කරන අතපෙවීමක් මේක. අගවිනිසුරුගේ උපන් දිනය කවදාද? එය අභි රහසක් වුනේ කෙසේද? විශ්‍රාම යන්නේ කවදාද?මහවැලි අධිකාරිය වහන්න එපා, එකේ ඉඩම් කොටි ඩයස්පොරවට දෙන්න එපා. කළු සල්ලි ලංකාවේ ආයෝජනය කරනවා නම් ඒවා රාජ්‍ය සන්තක කරන්න.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරලා, සියලු බෞද්ධ පුරා විද්‍යා භූමි, කඩලා විකුනන්න යන්නේ. අපිට මේවා ඇස් කන් පියාගෙන බලා ඉන්න පුළුවන් දශ්‍රී ලංකා රාජ්‍ය 2050 දි ඉවර වෙනවා. එතකොට සිංහලයෝ ඉවරයි, බුදු දහම ඉවරයි, තව අවු 24 යි වන රක්ෂිත කපලා හොර කමහල් දාන්න පුළුවන් NPP යටතේ. අර රිෂාඩ් ගේ තඹ කමහල වගේ දNPP AKD ආණ්ඩුවේ හොර හැත්ත රට බෙදනවා, උතුරේ වෙහෙර කඩනවා, ඊලම් කොටි ඉන්දියාවෙන් ගේනවා,කොටි කළු සල්ලි වලින් රට විකුනනවා ආර්ථිකය හැදෙන්න දෙන්නේ නැත්තේ ජාතික බෞතික සැලැස්ම නිසා ඉන්දියාවේ ආරක්ෂක ඇමති ලංකවට ඇවිත්, AKD ගේ අත මිරිකලා ගත්තේ මොනවද ඒකයි වදිවේලු ට මහජන ආරක්ෂාව දුන්නේ, රට කන්න, ඉන්දියාවේන් හොරු මංකොල්ලකාරයෝ ත්‍රස්තවාදීන් ආනයනය කරන්න ජංගි අරගල නැතුව, ප්‍රචණ්ඩත්වය නැතුව 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අකුලා ගන්නවා නම් හොදයි හොර පාරෙන් ඉන්දියාවට ගිය පාතාලේ හා කොටි රෝ ඔත්තුකරුවෝ, ලංකාවට ගේන්න එපා. ඉන්දියාව කරන්නේ,නීතිවිරෝධී දේශද්‍රෝහී කුපාඩි ලවා රට අස්ථාවර කරන්න

Comments are closed.

Related Posts