දළඳා පෙරහරේ ඇතින්නියකට සහ ඇත්ගොව්වාට බඹර ප්‍රහාරයක්

(අසේල කුරුළුවංශ)

මහනුවර ඇසළ පෙරහරට හම්බන්තොටින් රැගෙන විත් තිබූ ඇතින්නියකට සහ ඇත්ගොව්වාට අද (20) පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වේල්ස්පාක් උද්‍යානයට ඉහළින් බැඳ සි‌ටියදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබෙන අතර බඹරුන් ඇනීමෙන් බරපතළ තත්ත්වයට පත් ඇත්ගොව්වා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහුට බඹරුන් 15 දෙනෙකු පමණ ඇන තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇත්තිනගේ හොඬවැල ඇතුළු ස්ථාන කිහිපයකට බඹරුන් විද තිබෙන අතර පශු වෛද්‍යවරු පිරිසක් එම අවස්ථාවේදීම ඇතින්න පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබාදී තිබේ.

මෙම ඇතින්න දෙවන කුඹල් පෙරහරේදී දේවාලයක් නියෝජනය කරමින් ඊයේ (19) ගමන් කර ඇත.

Author

1 Comment

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading